ජවිපෙ පාලනයක් යටතේ සියළුම පුද්ගලික දේපල රාජ සන්තකයි..

 


ජනතා විමුක්ති පෙරමුණේ පාලනයක් යටතේ රටේ සියලුම පෞද්ගලික දේපළ රාජසන්තක කරන බවට එම පක්ෂයේ නිල වෙබ් අඩවි සඳහන්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

පෞද්ගලික දේපළ රාජසන්තක කළ පසු ව්‍යවසායකයන් ව්‍යාපාරිකයන් බිහි බිහි වන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.

එවන් තත්ත්වයේ දිහා රටක් දියුණු වන්නේ කෙසේදැයි ඔහු රත්නපුරේදී පැවති ජන හමුවක් අමතමින් විමසීය.

සජිත් ප්‍රේමදාස මහතා විසින් පවසන ලද ජනතා විමුක්ති පිළිබඳ වෙබ් අඩවිය සඳහන් කාරණා වල සඳහන් වන්නේ මෙසේය.

54. ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයකින් බලයට පත්වන ධනේශ්වර පන්තියේ දී මෙන් සමාජවාදී විප්ලවයකින් ජයග්‍රහණය කරන නිර්ධන පංතියට සීමිත කර්තව්‍යයකට මුහුණ දීමට සිදු නොවේ. ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයක් අවසන් වන්නේ ධනේශ්වර පංතිය බලගන්වන විටය. නමුත් නිර්ධන පංති විප්ලවය ආරම්භ වන්නේ නිර්ධන පංතියට දේශපාලන බලය ලැබුණු විටය. බලයේ සිටින නිර්ධන පංතියට නව ආර්ථිකයක් සහ සමාජවාදී නිෂ්පාදන ක්‍රමයක් ඇති කළ යුතු අතර පන්ති සූරාකෑම, පන්ති පැවැත්ම සහ පෞද්ගලික දේපළ අයිතිය ඉවත් කළ යුතුය.

55. මෙය නිෂ්පාදන මාධ්‍ය සමාජ දේපල බවට පරිවර්තනය කරන නිර්ධන පංති සමාජවාදී විප්ලවයේ යුගයයි. භාන්ඩ නිෂ්පාදනය නෙරපා හරිනු ලබන්නේ ස්වේච්ඡාවෙන් ඒකරාශි වූ පන්ති සවිඥානික නිර්ධන පංතිය විසින් මෙහෙයවනු ලබන සෘජු සමාජ නිෂ්පාදනය මගිනි. ශ්‍රී ලංකාවේ සමාජවාදී විප්ලවය මගින් දේපළවල පෞද්ගලික අයිතිය ඉවත් කර සමාජයේ පන්ති භේදයේ පදනම අහෝසි කර මිනිසා විසින් මිනිසා සූරා කෑමේ ක්‍රියාවලියට තිත තබමින් අවසානයේ මිනිසා නිදහස් කරනු ඇත.

අදාල යොමුව මෙතනින්..

Post a Comment

0 Comments