ආයාව හදා ගන්න ඉල්ලීම් දහස් ගණනක්

 



වයඹ දිග සිරියාවේ භූකම්පනයේ බලපෑමෙන් කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරව සිටි මවක් විසින් ප්‍රසූත කළ දැරිය හදා වඩා ගැනීමට දහස් ගණනක පිරිස් ඉල්ලීම් සිදුකරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


එම දැරියට ‘ආශ්චර්ය‘ තේරුම ඇති එනම් ‘අයා‘ ලෙස නම් තබා ඇති අතර දැරියගේ මව, පියා මෙන්ම සහෝදර සහෝදරියන් සිව්දෙනා ද භූකම්පනයෙන් මියගොස් තිබුණි.


රෝහලට රැගෙන එන විට සීරීම්, තැලීම් හා අධික සීතල හේතුවෙන් ශ්වසන අපහසුතාවෙන් පෙළුණු දැරියගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් අතට හැරී ඇති බව රෝහල් බලධාරීන් පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


දැරිය හදා වඩා ගැනීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම අදාළ රෝහල වෙත ද දුරකථන ඇමතුම් දහස් ගණනක් ලැබී ඇත.


කෙසේවෙතත් දැරියගේ ඥාතියෙකු පැමිණෙන තෙක් දැරිය රැකබලා ගැනීමේ වගකීම තමා විසින් භාරගන්නා බවට රෝහල් කළමනාකාරවරයා ප්‍රකාශ කර ඇත.

Post a Comment

0 Comments