බඩ ඉරිඟුවල අඩංගු ඇෆ්ලටොක්සීන් ප්‍රතිශතයේ ගැටලුවක් හේතුවෙන් මාස ගණනාවක සිට අවුරුදු 3 ට අඩු දරුවන්ට ත්‍රිපෝෂ නිකුත් කිරීමට බාධා මතුව තිබේ.
ඒ, මෙරට ළමුන් අතර මන්දපෝෂණ තත්ත්වය ඉහළ ගොස් ඇති බවට සමීක්ෂණ කිහිපයකින් හෙළිව ඇති පසුබිමකයි.
අවුරුදු 3 ට අඩු දරුවන් සඳහා ඇෆ්ලටොක්සීන් ප්‍රතිශතය 1% ට වඩා අඩු බඩ ඉරිඟු භාවිත කළ යුතු බවට වන නිර්දේශය හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බව ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න පවසයි.
එවැනි බඩ ඉරිඟු නිෂ්පාදන සොයා ගැනීමට අපොහොසත් වී ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.
පවතින ප්‍රතිශතයන් වෙනස් කරන ලෙස කැබිනට් මණ්ඩලයට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුගතව මෙම වෙනස් කිරීම් සිදු කරන බවත් ඔහු පවසා ඇත.

0 Comments