විපක්ෂය නෑවිත්ම හිටියත් කමක් නෑ...

 

විපක්ෂය පාර්ලිමේන්තුවට නෑවිත්ම හිටියත් කමක් නැතැයි ද මන්ද ඔවුන් ආවා කියලත් කරන වැඩක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.


අසනීපයක් බව කියා වඩිවෙල් සුරේෂ්ගේ ඡන්ද මීටිමට විපක්ෂනායකවරයා නොගිය කාරණයෙන් ම ඔහු බොරු කරන නායකයෙක් බව තහවුරු වන්නේ යැයි කී ඩයනා ගමගේ මෙවන් බොරු කරන නායකයන්ට රටක් කරන්න පුළුවන් දැයි ප්‍රශ්න කළේය.


ලංකා මාතාව දණින් වැටී සිටි මොහොතේ රනිල් වික්‍රමසිංහ කිසිම කොන්දේසියක් නැතිව ලංකා මාතාවට නැගිටින්න උරහිස දුන් බවද ඩයනා ගමගේ කීවාය.

Post a Comment

0 Comments