තම උපන්දිනය නිමිති කරගනිමින් සේවකයන් පිරිසකට ඇදහිය නොහැකි ආකාරයේ ත්‍යාගයක් ලබාදීමට සැරසෙන ප්‍රබල ව්‍යාපාරික කාන්තාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ ධනවත්ම කාන්තාව ලෙස සැලකෙන ව්‍යාපාරික ගීනා රයින්හාට් විසින් මෙම සුවිශේෂී තීරණය ගෙන තිබේ.
එහිදී ඇය තීරණය කර ඇත්තේ තෝරාගත් සේවකයින් 41 දෙනෙකු වෙත ඩොලර් ලක්ෂයක් බැගින් ත්‍යාග මුදලක් පිරිනැමීමටය.
ඒ සඳහා පතල්, බලශක්ති සහ කෘෂිකර්ම යන ක්ෂේත්‍රවල ඇයට අයත් සමාගම්වල සේවකයින් 4000ක් අතරින් 41 දෙනෙකු තෝරාගැනීමට නියමිතව ඇත.
කුසපත් ඇදීමේ ක්‍රමයකට මෙම වාසනාවන්ත සේවකයින් 41 දෙනා තෝරාගැනීමට නියමිත අතර ඒ සඳහා ගීනා රයින්හාට් අමෙරිකානු ඩොලර් මිලියන 4.1 ක් වෙන්කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

0 Comments