අලෙවි කිරීමට සැකසූ ව්‍යාජ රත්තරන් සහ ව්‍යාජ කේරළ ගංජා සමග පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය කිලිනොච්චි කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කිලිනොච්චි පොලිස් වසමේ මෙම වැටලීම සිදු කර තිබෙනවා.
එහිදී රන් කැබලි ලෙස ව්‍යාජ ආකාරයට සකස් කර අලෙවි කිරීමට සූදානම් කළ රත්තරන් කැබැලි හතළිස් දෙකක් සහ එම රන් කැබලි ව්‍යාජ ආකාරයෙන් සකස් කිරීමට යොදා ගන්නා උපකරණ සහ කේරල ගංජා ලෙස තණකොළ පුරවා සකස් කළ කිලෝ 3ක පාර්සලයක් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු හතළිස් දෙකක් වන කිලිනොච්චි සහ තිරුනගර් හි පදිංචිකරුවන් දෙදෙනකු වනවා.

0 Comments