ශ්රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත් දෙක සඳහා වෙනම අගරදගුරුතුමෙක් පත් කරන්නැයි එම පලාත් වල රදගුරුවරුන් වතිකානුවෙන් ඉල්ලීමක් කර තිබේ.
ශ්‍රී ලංකාවේ සුළුතර දෙමළ කතෝලිකයන් ශ‍්‍රී ලංකා කතෝලික සභාව විසින් පාවාදෙන බව හැඟී යන නිසා මෙම ඉල්ලීම කළ බව ජෝෂප් පනිනාතර් පියතුමන් පැවසීය.
එතුමන් මෙම අදහස් පල කරන ලද්දේ යාපනයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ට සාධාරණය ඉටු කරන්නැයි කොළඹ අගරදගුරු තුමන් ඉල්ලා ගෙන සිටීම වරදක් නොවන නමුත් උතුරු නැගෙනහිර දෙපලාතේ යුද්ධයේදී මිය ගිය පිරිසට සාධාරණය ඉටු කිරීමට කවරෙකු හෝ පෙනී නොසිටීම නිසා මෙවැනි ඉල්ලීමක් කිරීමට සිදුවූ බවද පියතුමා පැවසීය.
0 Comments