විදෙස් රටවල භාවිතා කර ඉවත් කරන ලද මිනිස් භාවිතයට නුසුදුසු අපද්‍රව්‍ය සහිත පොල් තෙල් තොග විශාල වශයෙන් මෙරටට ආනයනය කර ගබඩා කර ඇතැයි පාරම්පරික පොල් තෙල් කර්මාන්ත කරුවන්ගේ සංගමය සඳහන් කරයි.
මේ පිළිබඳව දිගින් දිගටම වගේ යුත්තන් දැනුවත් කළ ද ඊට ඇහුම්කන් නොදෙන බවත් ජාවාරම්කරුවන්ගෙන් ලැබෙන කොමිස් කුට්ටිය ගැන සලකා ඔවුන් කටයුතු කරන බවත් සංගමයේ සභාපති බුද්ධික ද සිල්වා මහතා පැවසීය.
ඉන්දියාව හා වෙනත් අසල්වැසි රට වලින් ඉතාම අඩු මුදලට මෙසේ භාවිතා කරන ලද පොල් තෙල් ගෙන පිරිපහදු කර වර්ණ ගන්වා යලි වෙළඳපොළට නිකුත් කරන බව ද ඔහු පවසයි.


0 Comments