පසුගිය වසරේ වසා දැමුණු හෝමාගම - පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ලබන 27 වනදා යළි අධ්‍යයන කටයුතු සඳහා විවෘත කෙරෙන බව එහි උපකුලපති මහෝපාධ්‍යාය මහාචාර්ය පූජ්‍ය නෙලුවේ සුමනවංශ හිමියන් පවසයි.
ඒ අනුව පළමු වසරේ සිසුන් පමණක් අධ්‍යයන කටයුතු සඳහා කැඳවන බව උන්වහන්සේ කියා සිටියේය.
පසුව අනෙකුත් වසරවල සිසුන්ගේද අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව උපකුලපති හිමියන් වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය වසරේ දෙසැම්බර් මස 19 වනදා සිට හෝමාගම - පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට එහි පාලනාධිකාරිය කටයුතු කරනු ලැබුවේ නවක වද සිද්ධියක් මුල් කරගනිමිනි.
 

 
 
 
 
 
 
 
 
0 Comments