වාර්ෂිකව මෙරට ළමුන් 900 ක් පමණ පිළිකා රෝගයට ගොදුරු වන බව ජාතික පිළිකා මර්දන ව්‍යාපාරය පවසයි.
එහි විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා සඳහන් කළේ, ඉන් බහුතරය ලේ පිළිකාවට හෙවත් ලියුකෙමියාවට ගොදුරු වන බවය.
මීට අමතරව අස්ථි ආශ්‍රීත, මොළය ආශ්‍රීත වැනි පිළිකා ළමුන් අතර බහුලව වාර්තා වේ.
එහි විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවේ, බොහෝ ළමුන් අතර වාර්තා වන පිළිකාවල රෝග ලක්ෂණ මුල් අවස්ථාවේදී හඳුනාගෙන නිසි ප්‍රථිකාරවලට යොමු වුණ හොත් සුව කළ හැකි බවයි.
අදට යෙදෙන ජාත්‍යන්තර ළමා පිළිකා දිනය නිමිත්තෙන් පිළිකා රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක බව ද ඔහු ප්‍රකාශ කළේ ය.


0 Comments