මෙරට කුකුළු නිෂ්පාදන කර්මාන්තය ඉදිරි මාස හය තුළ යළි ස්ථාවර මට්ටමකට පැමිණෙනු ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය වසරේ පැවති සත්ව ආහාර හිඟකම, මව් සතුන් ආනයනය නතර කිරීම, පොහොර හිඟය හේතුවෙන් මෙරට බඩඉරිඟු දේශීය නිෂ්පාදනය පහත වැටීම හා බඩඉරිඟු ආනයනය නතර කිරීම ඇතුලු කරුණු කිහිපයක් හේතුවෙන් කුකුළු පාලන කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන පහත වැටී තිබුණි.
කෙසේ නමුත් පසුගිය වසර අවසන් වනවිට මව් සතුන් 36,000 ක් ආනයනය කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.
එමෙන්ම පෞද්ගලික අංශයේ ගොවිපල සතුව කුකුළු පැටවුන් ලක්ෂ 15 ක් පමණ ප්‍රමාණයක් දැනට සිටින බව ද වාර්තාවනවා.

0 Comments