මත්පෙති සහ කුෂ් රේගුවට කොටු වෙයි...

 



විදෙස් රටවල සිට පාර්සල් කිහිපයක සඟවා මෙරටට එවා තිබූ මත් පෙති තොගයක් සහ කුෂ් නැමැති ගංජා තොගයක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මධ්‍යම තැපැල් හුවමාරුව තුළදී සිය භාරයට ගෙන තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ එම මත්ද්‍රව්‍ය ජර්මනිය, එංගලන්තය, කැනඩාව හා ස්පාඤ්ඤයේ සිට කොළඹ, පානදුර, බොරලැස්ගමුව, පාදුක්ක හා පිළියන්දල යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් වෙත එවා ඇති බවය.

පසුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඒවා ව්‍යාජ ලිපිනයන් බවය.

එම පාර්සල් තුළ සඟවා මත් පෙති 207ක්, කුෂ් නැමැති ගංජා ග්‍රෑම් 750ක් එහිදී සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම මිලියන 13 කට ආසන්න බව තහවුරු කරන ලදී.

වැඩිදුර විමර්ශන සඳහා මෙම මත්ද්‍රව්‍ය සහ මත්පෙති පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇත.

Post a Comment

0 Comments