අත්‍යවශ්‍ය නොවන සැත්කම් මොනවාදැයි සෞඛ්‍ය ඇමතිගෙන් අහයි…

 


අත්‍යවශ්‍ය නොවන සැත්කම් ලෙස හඳුන්වමින් සැත්කම් සීමා කිරීමෙන් මිය යන ජීවිත සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා වගකිව යුතු වනු ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ අත්‍යවශ්‍ය නොවන සැත්කම් මොනවාදැයි වෛද්‍යවරුන් නොදන්නා බවත් ඒවා ගැන විමසිය යුත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් බවත්ය.

මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය යනු තනිකරම මිථ්‍යාවක් බවද පවසන ඔහු සෞඛ්ය ක්ෂේත්රයේ පෞද්ගලික සහ රාජ්‍ය අංශ දෙක ම අසමත් බව ද කියා සිටියි.

ඔහු මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

Post a Comment

0 Comments