බණ්ඩි පොහොර මිටියක මිල අඩු කෙරේ ?

 



මෙවර යල කන්නයේ දී බන්ඩි පොහොර හෙවත් එම්.ඕ.පී පොහොර කිලෝග්‍රෑම් 50 ක මිටියක මිල රුපියල් 10,000 ක් දක්වා අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.


ඒ අනුව, අමාත්‍ය මහින්ද අමරවීරගේ උපදෙස් පරිදි ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ.


2022 -2023 මහ කන්නයේ දී බන්ඩි පොහොර මෙටි්‍රක් ටොන් 42,000ක් මෙරටට ආනයනය කළ අතර, හොන්ඩරයක් අලෙවි වුයේ රුපියල් 19,500ක මිලකට යි.


එම පොහොර තොගයෙන් මේ වනවිට අලෙවි වී ඇත්තේ මෙටි්‍රක් ටොන් 3000ක් වන අතර එය සමස්ත පොහොර තොගයෙන් සියයට 10කටත් අඩු ප්‍රමාණයක් බව සඳහන්.


බණ්ඩි පොහොර නොයෙදීම නිසා ඇතැම් කුඹුරුවල ගොයම් කහපැහැ ගැනීමට හේතුවී ඇති බවයි එම අමාත්‍යාංශය අවධාරණය කරන්නේ

Post a Comment

0 Comments