ටොයොටා ලංකා පුද්ගලික සමාගම විසින් වාහන හිමිකරුවන් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.
ඒ ටොයොටා කොරොල්ලා (Toyota Corolla) සහ ටොයොටා යාරිස් (Yaris) වර්ගයේ මෝටර් රථවල Airbag නොමිලේ ප්‍රතිස්ථාපනය කිරීම සම්බන්ධයෙන් විශේෂ වැඩසටහනක් දියත් කර ඇති බව එම නිවේදනයේ දැක්වේ.
ඒ අනුව බලපෑමට ලක්වූ මෝටර් වාහන පිළිබඳ විස්තර සහ ක්‍රියා පටිපාටින් පහතින් දැක්වේ.
පහත තොරතුරු සමාලෝචනය කර අදාළ මෝටර් වාහන විස්තරය සමග නිර්ණායක පරීක්ෂා කරන බලන ලෙස ද ටොයොටා ලංකා සමාගම දැනුම්දෙයි.
පහත නිර්ණායක සමග මෝටර් රථයේ චැසි/ ෆ්‍රේම් අංක ගැළපේ නම්, ඔබගේ මෝටර් රථය ළඟම ඇති ටොයොටා ලංකා සේවා මධ්‍යස්ථානය වෙත ගෙනැවිත් භාරදෙන ලෙස ද එම සමාගම ජනතාවට දැනුම්දෙයි.
ඊට අදාළ විමසීම් සහ වේලාවන් වෙන් කරවා ගැනීමට පහත දැක්වෙන දුරකථන අංක හා සම්බන්ධ විය හැකිය.
0112 939 000 හෝ 0777 939 158

මේ අතර යුනයිටඩ් මෝටර්ස් ලංකා සමාගම විසින් ද මිට්ෂුබිෂී වාහන හිමියන් වෙත Airbag සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

0 Comments