ෂාෆ්ටර්ගේ ශරීර කොටස් ගැන නියෝගයක්...

 

අබිරහස් ලෙස මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ශරීර කොටස් ලබාගෙන තිබේ නම් ඒවා විමර්ශන කටයුතු සඳහා සුරක්ෂිතව තබා ගන්නා ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීයාට සහ රජයේ රස පරීක්ෂකවරයාට අද (14) නියෝග කෙරුණි.


ඒ, කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසිනි.


මියගිය දිනේෂ් ෂාෆ්ටර්ගේ පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කර ඇත.

Post a Comment

0 Comments