නිදහස් සැමරුමට වැය කළ මුදල ප්‍රකාශ කරයි...

 



75 වන ජාතික නිදහස් දින සැමරුම් නිල රාජ්‍ය උත්සවය සඳහා රජය වැය කළ මුළු මුදල රුපියල් 11,130,011 ශත 29ක් බව ජනාධිපති කාර්යාලය පවසයි.


මෙවර නිදහස් දින සැමරුම් උත්සවයට රජය වැය කර ඇත්තේ මීට පෙර නිදහස් දින සැමරුම් රාජ්‍ය උත්සව සදහා වැය කළ මුදලට වඩා ඉතාම අඩු මුදලක් බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

 

රට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී ඉන් ගොඩ එමින් පවතින මොහොතක මෙවන් රාජ්‍ය උත්සවයක් පැවැත්වීම යනු අර්බුදය විසින් බිඳ දැමුණු ශ්‍රී ලංකා අභිමානය යළි අත්පත් කරගන්නට ඇති සූදානම පිළිබඳ ලෝකය හමුවේ පණිවිඩයක් තැබීමක් බවද සඳහන් කරයි.

 

රජය අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ මුදලින් රුපියල් මිලියන 5.8ක් නිදහස් උත්සවයට වැය කර ඇති බවට පළවන පුවත් ද මුළුමනින්ම සාවද්‍ය බවත් නිදහස් උත්සවය සඳහා වන මුලික වියදමක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඇස්තමේන්තු ගතකර තිබුණ ද එම කිසිදු මුදලක් වැය කර නොමැති බව ද ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

Post a Comment

0 Comments