සියලු රාජ්‍ය ආයතනවල සංචිත වාහන භාවිතා කිරීම අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් සීමා කිරීමට තීරණය කර ඇත.
මේ පිළිබදව භාණ්ඩාගාර ලේකම් සිරිවර්ධන විසින් සියලු ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
මාර්ගගත ක්‍රමවේද හැකිතාක් පාවිච්චි කරමින් රැස්වීම් සම්මන්ත්‍රණ සාකච්ඡා පැවැත්වීම මගින් ප්‍රවාහන අවශ්‍යතා පැනනැගීම සීමා කිරීමට කටයුතු කළ යුතු බවද සඳහන් කර ඇත.
මීට අමතරව කලාප, ප්‍රාදේශීය, උප කාර්යාල මගින් පහසුවෙන් ආවරණය කළ හැකි රාජකාරි හා සේවා අවශ්‍යතා වෙනුවෙන් රේඛීය අමාත්‍යංශය විසින් ප්‍රවාහන පහසුකම් සඳහා වියදම් දැරීම අවම කරන ලෙසට ද නියම කර ඇත.

0 Comments