වාහන සිහිනය සැබෑ වෙයි...

 

“මෙරට මෝටර් රථ ප්‍රවාහන ක්‍ෂේත්‍රයට විදුලි වාහන හඳුන්වා දීමේ සිහිනය යථාර්ථයක් බවට පත් කරන්නට අවශ්‍ය සියලු ශක්තිය ලබා දීමට රජය කටයුතු කරනවා,” යැයි ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.


මෙරට ධාවනය වන ත්‍රිරෝද රථ ඇතුළු වාහන විදුලියට පරිවර්තනය කිරීමේ පර්යේෂණ හා නිෂ්පාදන කටයුතු සිදු කරන “වේගා ඉනෝවේටිව්” ආයතන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඇමතිවරයා එසේ කීය.


ආයතනයේ නිෂ්පාදන අංශවල සිදු කෙරෙන කටයුතු සහ ඒ සඳහා දායක වන විවිධ අංශවල කාර්යභාරයන් මෙහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයක් ලක්විය.


මේ අවස්ථාවේදී “වේගා ඉනෝවේටිව්” ආයතනය මගින් විදුලියට පරිවර්තනය කරන ලද ත්‍රිරෝද රථ, යතුරුපැදි හා එම ආයතන විසින් නිර්මාණය කරන ලද සුපිරි මෝටර් රථයේ ධාවන තත්ත්වයන් පිළිබඳව ඇමතිවරයාගේ අවධානය යොමු විය.

Post a Comment

0 Comments