මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉවතට...

 



සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා විසින් මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් දසන්ත ස්ටීවන් එම ධුරයෙන් තාවකාලිකව ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ඒ අනුව, මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ කාර්යය ඉටුකිරීම සඳහා උප සභාපතිවරයා වන කෝරලේ ගෙරද පියතිස්ස මහතා ව එම තනතුරට පත්කර ඇත.


1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 185(3) (අ) ( i) වගන්තියේ ආණ්ඩුකාරවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසින් එම ගැසට් නිවේනය නිකුත් කර තිබේ. 


සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින්,


Post a Comment

0 Comments