පළාත් පාලන මැතිවරණයේදි ලංකා කම්කරු කොන්ග්‍රසය පළාත් පාලන ආයතන රැසක බලය ලබා ගනිමින් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගන්නා බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති සෙන්දිල් තොණ්ඩමන් මහතා පැවසිය.
සෙන්දිල් තොණ්ඩමන් මහතා ඒ බැව් කියා සිටියේ (13) දින නොර්වුඩ් ප්‍රාදේශිය සභාව සදහා ලංකා කම්කරු කොන්ග්‍රසයෙන් තරග කරන අපෙක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරිම සදහා හැටන් දික්ඔය සහ බගවන්තලාව යන ප්‍රදේශවල සිය පාක්ෂිකයන් හමුවිමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු සෙන්දිල් තොණ්ඩමන් මහතා කියා සිටියේ ලංකා කම්කරු කොන්ග්‍රසය වතු ආශ්‍රිත ජනතාවට විශිෂ්ඨ සේවාවක් කර ඇති නිසා එම ජනතාව ලංකා කම්කරු කොන්ග්‍රසය කෙරෙහි විශ්වාසය තබා මෙවර පළාත් පාලන මැතිවරණයේදි සිය අපෙක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරන බවයි.
ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා වෙත ලබා දි ඇති ජල සම්පාදන අමාත්‍යංශය සහ වතු යටිතල පහසුකම් අමාත්‍යංශය හරහා ඉදිරියේදි වතුකරයේ ජනතාවට සේවාවන් රැසක් සිදු කිරිමට අපෙක්ෂා කරන බව පැවසු සෙන්දිල් තොණ්ඩමන් මහතා වැඩිදුරටත් කියා සිටියේ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන බවත්, පළාත් පාලන ආයතන විසුරුවන්නේ නොමැතිව මැතිවරණ පැවැත්විම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදිය යුත්තේ තමන් නොව අමාත්‍යංශ ලේකම්වරයා බවයි.
පළාත් පාලන මැතිවරණයේ නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ අපෙක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම සදහා පැවති පොකුරු රැස්විම් වලට එම පක්ෂයේ උප සභාපතිවරුන් වන කනපති කනගරාජ් , එස්.සත්‍යවේල් සහ නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති රවි කුලන්දවේල් යන මහතුන්ද සහභාගි විය.


0 Comments