ජවිපෙට හැකි නම් අපට බැරි ඇයි...

 



මිනිසුන් ඝාතනය කර රාජ්‍ය දේපළ විනාශ කළ ජනතා විමුක්ති පෙරමුණට මැතිවරණයට ඉදිරිපත් විය හැකි නම් අවිහිංසාවාදී දේශපාලන පක්ෂයක් වන තම පක්ෂයට මැතිවරණයට ඉදිරිපත්වීමට සිය දහස් ගුණයක අයිතියක් ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.


ජාතික ජනබලවේගය සුපිරිසිදු පක්ෂයක් යැයි ඇතමුන් විශ්වාස කළත් එය සත්‍ය නොවන බව කී ඇමතිවරයා පසුගිය මැයි 9 වැනිදා සිද්ධියට ඇතැම් තැන්වල නායකත්වය දුන්නේ ජවිපෙට සම්බන්ධ අය බව කීය.


ඔහු මේ බව සඳහන් කළේ කුරුණෑගල හා හලාවත ප්‍රදේශවල පැවති පළාත් පාලන අපේක්ෂක හමු වලට සහභාගී වෙමිනි. 


වැඩිදුරටත් අදහස් දැක්වූ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා 


“මෙතනට ආවට පස්සේ හැමෝම ඇහුවේ ඇමතිතුමා මැතිවරණය තියනවද නැද්ද කියලා. ඒකට මටවත් මහලේකම්තුමාටවත් උත්තරයක් දෙන්න බැහැ. හේතුව අධිකරණයට ගිහින් තියෙන්නේ. 9 වෙනිදා 10 වෙනිදා වන විට අධිකරණය ලබා දෙන තීන්දුව මත තමයි මැතිවරණය පැවැත්වෙනවාද නැද්ද කියලා තීන්දු වෙන්නේ"යනුවෙන් ද අමාත්‍යවරයා කීය.

Post a Comment

0 Comments