ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ රත්තොට ජල පවිත්‍රාගාරයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (13) පස්වරු 08.00 සිට (14) වනදා පෙරවරු 06.00 දක්වා ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදුකරන බව දන්වා ඇත.
ඒ අනුව රත්තොට, කයිකාවල, වේරගම යන ප්‍රදේශ සඳහා පැය 10ක කාලයක් ජල කප්පාදුවක් සිදුකරන බව දැනුම් දී තිබේ.
වැඩිදුර තොරතුරු විමසීමට අවශ්‍ය නම් 1939 අංකය අමතා අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල පවසයි.

0 Comments