හොර ගවයින් ප්‍රවාහනය කරමින් සිටි වෑන් රථයක් පොලිස් භාරයට...

 

වරකාගොඩ පොලිස් වසමේ ගීකියනකන්දවත්ත ප්‍රදේශයේ දිගේලි කර සිටි එළ ගවයින් දෙදෙනෙකු හොරරහසේ වෑන් රථයක පටවාගෙන මස් පිණිස රැගෙන යමින් සිටියදි වරකාගොඩ පොලීසිය විසින් සිදුකළ හදිසි වැටලීමකදි එම වෑන් රථය සමග එක් සැක කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


අත්අඩංගුවට ගත් සැකකරු අලුත්ගම දර්ගා නගර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකරු සමඟ තවත් පුද්ගලයකු සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.


පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.


සැකකරුවන් දර්ගා නගර් ප්‍රදේශයේ රථ වාහන කුලියට දෙන ස්ථානයකින් මෙම වෑන් රථය කුලියට ලබාගෙන නෑබඩ ගී කියන කන්ද වත්තේ ලඳු කැලෑවක දිගේලි කර සිටී ගවයින් දෙදෙනා වෑන් රථයට පටවාගෙන මස් පිණිස රැගෙන යමින් සිට ඇති බවට අනාවරණය වී ඇත.


මෙම වෑන් රථය කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් වන අතර එම පුද්ගලයා විසින් දර්ගා නගර ප්‍රදේශයේ වාහන කුලියට දෙන ආයතනයකට කුලී පදනම මත වෑන් රථය ලබා දී ඇති බවට පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත .


සැකකරු සමග සිටි අනෙක් පුද්ගලයා සොයා පොලිස් විමර්ශන සිදුකරයි .  

Post a Comment

0 Comments