ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවල සභිකයන් ලෙස පත්ව සිටින දහසකට ආසන්න පිරිසක් එම තනතුරුවලින් ඉවත් කිරීම සඳහා විනය පරීක්ෂණ පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අදාළ සභිකයන්ට ලිඛිතව දැනුම් දී ඇත.
මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඔවුන් වෙනත් දේශපාලන පක්ෂ හා සන්ධාන යටතේ තරග වැදීමට නාම යෝජනා භාර දී තිබීම මෙයට හේතු වී තිබේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ පමණක් හෙලිකොප්ටරයෙන් තරග වැදී සිටින පළාත් පාලන ආයතන සභිකයන් 124 කට පළාත් පාලන ආයතන සභාපතිවරු අට දෙනකුට හා උප සභාපතිවරු හත් දෙනකුට මෙලෙස ලිපි යවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සඳහන් කළේ ය. මෙවර පළාත් පාලන මැතිවරණයට හෙලිකොප්ටරයෙන් තරග වැදී සිටින තවත් තුන්සියයකට ආසන්න පිරිසකට මෙලෙස විනය පරීක්ෂණ පවත්වන බව දන්වා ලිපි ලැබී ඇති බවට අදාළ පුද්ගලයන් තමන්ට දැනුම් දී ඇති බවද මන්ත්‍රිවරයා පැවසීය.
සිටින පළාත් පාලන ආයතන සභිකයන් 124 කට පළාත් පාලන ආයතන සභාපතිවරු අට දෙනකුට හා උප සභාපතිවරු හත් දෙනකුට මෙලෙස ලිපි යවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සඳහන් කළේ ය. මෙවර පළාත් පාලන මැතිවරණයට හෙලිකොප්ටරයෙන් තරග වැදී සිටින තවත් තුන්සියයකට ආසන්න පිරිසකට මෙලෙස විනය පරීක්ෂණ පවත්වන බව දන්වා ලිපි ලැබී ඇති බවට අදාළ පුද්ගලයන් තමන්ට දැනුම් දී ඇති බවද මන්ත්‍රිවරයා පැවසීය.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන තවත් පළාත් පාලන ආයතන සභිකයන් පිරිසක් මාලිමාවෙන් හා ටෙලිපෝනයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට තරග වැදී සිටින බවත්, ඔවුන්ට එරෙහිවද විනය පරීක්ෂණ පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලිඛිතව දන්වා ඇති බවද අනාවරණ වේ.


0 Comments