එළඹෙන මාර්තු මස 19 වන දිනට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වුවහොත් සියලූ පළාත් පාලන ආයතනවල පාලනය විශේෂ කොමසාරිස්වරුන් යටතට පත් කරයි.
කල් දමා ඇති පළාත් පාලන ආයතනවල නිල කාලය එළඹෙන මාර්තු මස 19 වැනිදායින් අවසන් වන අතර දැනට මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන සියලු දෙනාගේ මන්ත්‍රී ධුරයද එදිනෙන් පසු අහෝසි වෙයි.
මහ නගර සභාවල පාලනය නාගරික කොමසාරිස්වරුන් යටතටත්, නගර සභා සහ ප්‍රාදේශීය සභාවල පාලනය නාගරික ලේකම් සහ ප්‍රාදේශීය සභා ලේකම්වරුන් යටතටත් පැවරීමට නියමිතව ඇත.
පළාත් පාලන මැතිවරණය මාර්තු මස 09 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබුණද පවතින තත්ත්වය මත දින නියමයක් නොමැතිව කල් යාමේ තත්ත්වයක් උදාවී ඇත.

0 Comments