පිටකොටුව තොග වෙළඳපොලේ පරිප්පු කිලෝවක මිල රුපියල් 330ක් දක්වා පහත වැටී තිබේ.
මීට පෙර පරිප්පු කිලෝවක තොග මිල සටහන්ව තිබුණේ රුපියල් 360ක් ලෙසයි.
ඒ අනුව රුපියල් 30 කින් පරිප්පු කිලෝවක තොග මිල පහත වැටී තිබේ.
මේ අතර, ලොකු ළුෑණු කිලෝවක් රුපියල් 110කට සහ ආනයනික අල කිලෝවක් රුපියල් 100කට තොග වෙළඳපොලේ අලෙවි වනවා.
එමෙන් ම, තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 215 සිට 230 දක්වා ඉහළ ගොස් ඇති බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ.
කෙසේ වෙතත්, ආනයනික සුදු සීනි තොග මිල තවදුරටත් පවතින්නේ රුපියල් 215ක මට්ටමකට යි.


0 Comments