තැපැල් ඡන්දය ගැන ලබන සතියේ තීරණයක්...

 



මෙම සතිය අවසානය වනවිට තැපැල් ඡන්දයට අදාළ ඡන්ද පත්‍රිකා නොලැබුණහොත්, ලබන සතියේ දී තැපැල් ඡන්දය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා ප්‍රකාශ කළා.


ඔහු කියා සිටියේ තැපැල් ඡන්දය පවත්වන දිනය වෙනස් කිරීමට මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවයි.


කෙසේ වෙතත්, ඡන්ද පත්‍රිකා නොලැබුණහොත් තැපැල් ඡන්දය පවත්වන දිනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවනු ඇති බව ඔහු සඳහන් කළා.


මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

Post a Comment

0 Comments