කඹුරුගමුව බොරොල්ල පාර දුම්රිය හරස් මාර්ගයේ දී අද (06දා) සවස මාතර සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රියේ මෝටර් රථයක් ගැටීමෙන් එහි රියැදුරා ජීවිතක්ෂයට පත්ව ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
දෙනිපිටියේ පදිංචිව සිටී පුබුදු ප්‍රියංක (41) නමැති එක්‌දරු පියෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
ඔහු විසින් පදවා ගෙන පැමිණි මෝටර් රථය දුම්රිය හරස් මාර්ගය පසු කිරීමට උත්සාහ කරනවා සමගම දුම්රියේ ගැටී ඇති බව පොලීසිය සඳහන් කරයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මාතර මහ රෝහලට රැගෙන එනවිටත් මිය ගොස් තිබුණි.
මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චිගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශ නිලධාරීහු සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.
0 Comments