නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය අද (08) විවෘත කිරීමට නියමිතයි.
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනි.
උත්සවාකාරයෙන් නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය විවෘත කිරීමට අදාළ සියලු කටයුතු සූදානම් කර ඇතැයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය සදහන් කරයි.
සභාවාරය විවෘත කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙ.ව 10.00ට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.
ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව හෙට (09) පෙ.ව 9.30 දක්වා සභාව කල්තැබීමට නියමිතය.


0 Comments