රත්නපුර - කුරුවිට, කරපිංචාවත්ත ප්‍රදේශයේ මවක් සිය දරුවන් දෙදෙනා ළිඳට තල්ලුකර ඇය ද සියදිවි හානිකර ගැනීමට තැත්කර ඇති බව පොලිසිය පවසයි.
ළිඳට දැමූ දරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වී ඇති අතර ඔවුන් අවුරුදු හතහාමාර සහ එකහාමාරත් අතර පසුවන පිරිමි දරුවන්.
39 හැවිරිදි මව මේ වන විට රත්තනපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා.
ඇය කිසියම් ඖෂධයක් අධි මාත්‍රාවෙන් පානයකර සියදිවි නසාගැනීමට උත්සහකර ඇති බවටයි වාර්තා වන්නේ.
දරුවන්ගේ පියා සමඟ ඇතිකර ආරවුලක් මෙලෙස සියදිවි හානිකර ගැනීමට හේතුවන්නට ඇති බවට සැක පළකරනවා.


0 Comments