දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි...

 

දුම්රිය රියදුරන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ලෙස අද (13) දිනයේ කාර්යාල දුම්රිය 5ක් ඇතුලුව දුම්රිය ගමන්වාර 10ක් අවලංගු කර ඇත.


ඒ අනුව පොල්ගහවෙල - මරදාන දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය 2 ක්, මහව - කොළඹ කොටුව දුම්රිය, රඹුක්කන - කොළඹ කොටුව සහ කුරුණෑගල - කොළඹ කොටුව දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ දුම්රිය කීපයක් ද, මුහුදු බඩ මාර්ගයේ ගමන් කිරීමට නියමිතව තිබූ හික්කඩුව - මරදාන , අලුත්ගම - මරදාන සහ කළුතර - මරදාන දක්වා ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය ගමන්වාර 3 ක් අවලංගු විය.


එමෙන්ම පුත්තලම මාර්ගයේ හලාවත - කොළඹ දක්වා ධාවනය විමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර දෙකක් ද අවලංගු විය.

Post a Comment

0 Comments