අද (16) සිට විදුලිය විසන්ධි නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, විදුලි බිල වැඩි කිරීම හේතුවෙන් විදුලිය විසන්ධි නොකරන බවයි.
විදුලි බිල ගෙවා ගැනීමට ආර්ථික අපහසුතා ඇති පුද්ගලයින් පිළිබඳව මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරියේදී තීරණයක් ගනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
66% කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබා දුන්නේ ය.
ඒ අනුව ඊයේ (15) සිට නව විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මකයි.
නව විදුලි ගාස්තු සංශෝධනය අනුව ඒකක 60 ක් භාවිතා කරන නිවසක විදුලි බිල ඉහළ යන්නේ 276% කිනි.
ඒ අනුව ඒකක 60 ක් භාවිත කරන නිවසකට මෙතෙක් ලැබුණු රුපියල් 680 ක් වූ විදුලි බිල රුපියල්
2,560 ක් දක්වා ඉහළ යනු ඇති.
ඒකක 30 ක් භාවිත කළ නිවසකට මෙතෙක් ලැබුණු රුපියල් 360 ක විදුලි බිල රුපියල් 1300 ක් දක්වා ඉහළ යනු ඇත.
 


 
 
 
 
 
 
 
 
0 Comments