මහින්දට යලි අගමැතිකම අවශ්‍ය බව දිනේෂ්ට දන්වයි..?

 හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යළිත් එම ධුරයට පත් කිරීම සඳහා වන මෙහෙයුමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කර ඇතැයි සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.

ඒ සඳහා හේතුව වී ඇත්තේ කිසියම් මොහොතක මැතිවරණයක් කැදවුවහොත් ආණ්ඩුවේ ඉහළ තනතුරක් පොදුජන පෙරමුණ වෙත තබාගැනීම වාසිදායක බවට වන මතයයි.

ඒ අනුව වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත මෙම යෝජනාව නිල නොවන ආකාරයෙන් ලබා දී ඇති බව ද පුවත් පත වාර්තා කර ඇත.

මහින්ද රාජපක්ෂ මහතාට තවත් එක් අවස්ථාවක් පමණක් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කිරීමට අවස්ථාව දිය යුතු බවට යෝජනා කර තිබිණි.

Post a Comment

0 Comments