ආනයනය සහ අපනයනය අවස්ථාවලදී වන සියලුම රේගු වංචා පිළිබදව නිවැරදි තොරතුරු සපයන ඕනෑම පුද්ගලයෙන්ට ත්‍යාග මුදලක් පිරිනමන බව ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශය සඳහන් කරනවා.
ඒ අනූව තහනම් හා සීමා කරන ලද භාණ්ඩ, නියමිත රේගු බදු නොගෙවන ලද භාණ්ඩ, නීති විරෝධී මත්ද්‍රව්‍ය, දුර්ලභ ශාඛ සහ සත්ව කොටස් ආනයන සහ අපනයනය මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති අයිතමයන් අපනයනය වැනි රේගු වංචා පිළිබදව නිවැරදි තොරතුරු ඇත්නම් ඒ පිළිබදව ශ්‍රී ලංකා රේගුවේ පැය 24 පුරා ක්‍රියාත්මක 011-2471471 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි එම අංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කලේ.
0 Comments