කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල එයි..

 

නිෂ්පාදන අංශයට අදාළව 2022 වර්ෂයේ පැවැත්වූ හය වන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.


මෙම විභාගයේ ප්‍රථිඵල www.slbfe.lk වෙබ් අඩවියේ පළකර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.


නිෂ්පාදන අංශයට අදාළව 2022 වර්ෂයේ පැවැත්වූ හය වන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ දෙවන අදියරෙන් අපේක්ෂකයින් 3‍,950දෙනෙකු සමත් වී තිබේ.


විභාගය සමත් වූ අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණ හා වෛද්‍ය පරීක්ෂණ සඳහා පැමිණිය යුතු දිනයන් ඉදිරියේදී දැනුම් දෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසීය.

Post a Comment

0 Comments