බොරැල්ලේ වෙඩිවැදී තරුණියක් මියයෑමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනා ඊයේ (13) රාත්‍රියේ මත්කුඩු ජාවාරම් සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට වනාතමුල්ල, තල්ගස්වත්ත ප්‍රදේශයට ගොස් තිබිණ.
එහිදී ඇති වූ සිදුවීමකදී වෙඩි වැදීමෙන් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම සිද්ධියෙන් මරණයට පත්වූයේ තල්ගහකුඹුර බොරැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ශ්‍රී වික්‍රම පත්තිවිලගේ මෙලනි කාංචනා නමැති 25 හැවිරිදි තරුණීයකි.

0 Comments