වැලිගම පැලෑන බද්දේවත්ත ධීවර තොටුපොළෙන් මුහුදු ගිය ධීවරයන්ට පහරදී කිලෝ 1000 ක පමණ මාළු තොගයක් මිරිස්ස මුහුදේදී 20 දෙනකුගෙන් යුත් මුහුදු කොල්ලකරුවන් කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි වැලිගම පොලිසිය පවසයි.
මාළු අස්වැන්න පැහැරගෙන ගොස් ඇත්තේ බද්දේවත්ත ධීවර තොටුපොළෙන් ධීවර කටයුතු සදහා පිටත්වූ ‘ලකීෂාෆ්‘ නැමැති ධීවර යාත්‍රාවේ මත්ස්‍ය අස්වැන්න බව පොලිසිය පැවැසුවේය.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

0 Comments