මෙරට රාජ්‍ය සේවය සීමා කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දැනුම් දී ඇතැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.
විශාල රාජ්‍ය සේවය රටට බරක් බව එය රටට දැරීමට නොහැකි තත්වයක් බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් දැනුම් දී ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.
මේ වන විට රජය ලක්ෂ පහළොවක් වන රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවමින් බර දරා සිටින බවත් හෙතෙම පැවසීය.
එනිසා මෙම සේවකයන් ප්‍රමාණය අඩු කළ යුතු බවත් ඒ සියල්ල කියා ඇත්තේ රටේ අනාගතය උදෙසා බවත් ඇමැතිවරයා කියා සිටියේය.
උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.


0 Comments