දැන් රටම ලොක්ඩවුන්.. 15දා දැවැන්ත වැඩ වර්ජනයක්…

 


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට මෙන්ම සමස්ථ රටේ ජනතාවටම වෛර කරමින් ඔවුන්ගෙන් පලි ගනිමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද වන විට රටම ලොක්ඩවුන් වී හමාර බවත් ලබන 15 වෙනිදා රට තුළ දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සිදුකිරීමට වෘත්තීය සමිති කටයුතු කරමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණ එයට පූර්ණ සහාය ලබාදෙන බවත් හෙතෙම පැවසීය.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.

අද වන විට ජාතික ජන බලවේගය විසින් විශාල සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් මේ වන විටත් සිදු කරන බවත් එහි සිටින සාමාජිකයන් කවුරුන්දැයි ඇතැම් විට නොදන්නා බවත් ඔවුන් ස්වෙච්ඡාවෙන් වැඩ කරන බවත් ඒ මහතා එහිදී තව දුරටත් පෙන්වා දී ඇත.

Post a Comment

0 Comments