මැදින් පුන් පොහොයත් සමග එලබ ඇති මෙම සති අන්තය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා වන්නාකරුවන් විශාල පිරිසක් පැමිනෙන බව නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පැවසිය.
මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මැදින් පුන් පොහොයත් සමග සති අන්තයේ දින තුනක නිවාඩුවක් ලැබිමත් සමග මෙසේ විශාල වන්දනාකරුවන් පිරිසක් ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන බවත්ය.
මෙම වන්දනාකරුවන් රැගත් රථ වාහන විශාල ප්‍රමාණයක් පැමිනෙන බවත් එම රථ වාහන නිසි ලෙස ගාල් කිරිම සදහා විධිමත් වැඩ පිලිවෙලක් සකස් කර ඇති බවත් වන්දනාවේ පැමිනෙන සියලුම වන්දනාකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හැටන් ජේශ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතාගේ උපදෙස් මත වීශේෂ ආරක්ෂාවක් සකසා ඇති අතර විවිධ මත් ද්‍රව්‍ය රැගෙන එනු ලබන පුද්ගලයන් අත් අඩංගුවට ගැනිමට සැකකටයුතු පුද්ගලයන් පරික්ෂාවට ලක් කිරිමට පියවර ගෙන ඇති බවද ඔහු පැවසිය.
එසේ කරන ලද පරික්ෂාවලදි 04වන දින ගංජා හා මත් සිගරට් රැගෙන පැමිනි තරුණයන් 06 දෙනකු අත් අඩංගුවට ගත් බවත් එසේ අත් අඩංගුවට ගත් තරුණයන් හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පැවසිය.
ශ්‍රිපාද වන්දනාකරුවන් රැගෙන පැමිනෙන රථ වාහන පරික්ෂා කිරිම සදහා හදිසි මාර්ග බාධක දැමිමටද හැටන් කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරින් හා හැටන් කොට්ඨාශයේ පොලිස් ස්ථානවල නිලධාරින් පියවර ගෙන ඇති අතර එසේ හදිසි මාර්ග බාධක දමා කරන ලද පරික්ෂාවකදි විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි තරුණයන් 18 දෙනකු අත් අඩංගුවට ගැනිමට හැටන් කොට්ඨාශයේ පොලිස් ස්ථානවල නිලධාරින් පියවර ගෙන ඇත.
හැටන් ජේශ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතාගේ උපදෙස් හා මෙහෙය විම මත පොලිස් නිල සුනඛ ස්ටවුඩ්ගේ සහාය ලබා ගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන පිරිස් පරික්ෂාවන්ට ලක් කිරිමේදි මෙම පිරිස අත් අඩංගුවට ගෙන ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් හා ගිනිගත්හේන පොල්පිටිය යන පොලිස් ස්ථානවල නිලධාරින් විසින් කරන ලද පරික්ෂාවලදි ගංජා, ගංජා මිශ්‍ර මදන මෝදක, මත් පෙති වැනි විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි මෙම තරුණයන් අත් අඩංගුවට ගෙන ඇති බවත්ය.
අත් අඩංගුවට ගෙන ඇති මෙම තරුණයන් අවුරුදු අවුරුදු 20ත් 30ත් අතර වයස්වල පිරිස් බවත් මෙසේ අත් අඩංගුවට ගන්නා ලද පිරිස් හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.


0 Comments