බිත්තර ආනයනය ගොඩනැගිලි ද‍්‍රව්‍ය සංස්ථාවෙන්.. 50% බද්ද 1%ට බස්සා මහා බදු වංචාවක්..

 


ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට පෙරාතුව බිත්තර ආනයනයට පනවා තිබූ 50%ක් වූ බද්ද මේ වන විට 1% දක්වා වහා අඩු කර ඇතැයි සමගින් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා සඳහන් කරයි.

නිසි අවසරයකින් තොරව ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව විසින් බිත්තර ආනයනය සදහා කඩිමුඩියේ බිත්තර ආනයනය සඳහා වන ණයවර ලිපි පවා විවෘත කර ඇති බවද ඔහු කියා සිටී.

මේ ආකාරයෙන් බිත්තර ආනයනය සඳහා වන බදු අඩු කිරීම හරහා විශාල බදු වංචාවක් සිදු කිරීමට සැලසුම් සකස් කර ඇති බව ද හෙතෙම මාධ්‍ය අමතමින් කියා සිටියේය.

මෙරට වෙළඳ පොළේ බිත්තර මිල අඩු කිරීමට සිදු කළ යුතුව ඇත්තේ මෙරට කුකුළු ගොවියන් සදහා ලබාදෙන කුකුළු ආහාර සහා යෙදවුම් මිල අඩු කිරීම බවද හෙතෙම පෙන්වා දෙයි.

එසේ නොමැතිව බිත්තර ආනයනය කිරීමෙන් සිදුවන්නේ දේශීය කුකුළු කර්මාන්තය සහමුලින්ම විනාශ වීම බවත් ඔහු පැවසීය.

Post a Comment

0 Comments