පොදු ජන පෙරමුණේ සභාපති ධුරයෙන් මහාචාර්ය ජී.එල්. පීරිස් ඉවත් කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන සදහන් කරයි.
පොදුජන පෙරමුණ පක්ෂ මහලේකම් සාගර කාරියවසම්ට එම ධුරයෙන් ඉවත් වීමට සිදුවනු ඇති බවත් අනතුරුව සාගර කාරියවසම්ට සිද්ධ වෙන්නේ පක්ෂයයි ලේකම්කමයි දෙකම මහාචාර්ය ජී.එල්. පීරිස්ට ලබාදීමට බවද චන්න ජයසුමන සදහන් කරයි.
මන්ත්‍රී චන්න ජයසුමන තවදුරටත් සදහන් කළේ,
“අපි නිදහස් ජනතා සභාව හැටියට අපේ මන්ත්‍රීවරු 13 දෙනාගේ කණ්ඩායම බලවත් විරෝධය හා කනගාටුව ප්‍රකාශ කරනවා මහාචාර්ය ජී.එල්. මහතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතීත්වයෙන් නෙරපන්න ගත්ත මේ තීරණයට. අනිත් එක තමා සාගර කාරියවසම් පක්ෂ ව්‍යවස්ථාව හරියට දන්නෙත් නෑ.
විධායක සභාවට එහෙම තීරණයක් ගන්න බෑ එහෙම පොදුජන පෙරමුණේ පක්ෂ මධ්‍යම කාරක සභාව තමා එහෙම තීරණයක් ගන්න ඕනේ. ඒ නිසා මේ පිළිබඳව අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා ඉදිරියේ දී. අන්තිමට සාගර කාරියවසම් ට සිද්ධ වෙන්නේ පක්ෂයයි ලේකම්කමයි දෙකම මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාට දීලා පැත්තකට වෙන්නයි. අන්තිමට සාගරට ගෙදර යන්නයි වෙන්නේ.”

0 Comments