මෙරට විරෝධතාකරුවන්ට රසායනික අවි ප‍්‍රහාර..- පර්යේෂණයකින් තහවුරුයිලු..

 


මහජන විරෝධතා විසුරුවා හැරීම සඳහා සඳහා විසින් රසායනික අවි භාවිත කර ඇති බවට සිය පර්යේෂණයක් ඔස්සේ කරුණු අනාවරණය කර ගැනීමට හැකි වූ බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන මහතා පවසයි.

අන්තර්ජාල නාළිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම කරුණු හෙළි කර ඇති අතර 2012 වසරේ 2022 වසර දක්වා පොලිසිය සිදුකළ මහජන විරෝධතා විසුරුවා හැරීමට අදාළ සිදුවීම් පාදක කර ගනිමින් මෙම වාර්තාව සකස් කර ඇති බවත් කියා සිටී.

එහිදී ජයවර්ධන මහතා පෙන්වා දෙන්නේ පොලිසිය විසින් මහජන විරෝධතා මර්ධනය යොදා ගන්නා කඳුළු ගෑස් වලින් ඇතැම් ඒවා වසර 22කට වඩා පැරණි බව ද තම පර්යේෂණයෙන් අනාවරණය වූ බවයි.

Post a Comment

0 Comments