රුපියල ශක්තිමත් වී ඇතැයි ප්‍රකාශ කිරීම බොරු පම්පෝරි ගැසීමක් බවත් විදෙස් ණය ගෙවීම නතර කළ විට රුපියල් ශක්තිමත් වීම කොහොමත් සිදු වන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.
ලබා ගත් ණය නො ගෙවන්නේ නම් නිවසක වුවද ආර්ථිකය ශක්තිමත් වන බවද එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.
ඔහු මෙම අදහස් පළකරන ලද්දේ කළුතර දී පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.
නිවසක වුවද ණය වාරික, විදුලි බිල්, ජල බිල්, දුරකථන බිල් නොගෙවා සිටින්නේ නම් නිවසේ ආර්ථිකය වුවද ස්ථාවර ම වන බව ද වසූ ඔහු ශ්‍රී ලංකාව පසුගිය අප්‍රේල් මාසයේ සිට ණය වාරික නොගෙවන රටක් බවද පැවසීය.
ණය වාරික වලින් රුපියලට එන පීඩනය අඩු වූ විට රුපියල ශක්තිමත් වීම සාමාන්‍ය දෙයක් බවත් රුපියල ඩොලරයට සාපේක්ෂව තදකර අල්ලා ගෙන සිටීම එක්වරම අත්හැරිය පසු විශාල වශයෙන් ඩොලරය උඩ යනු ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.
ඊට අමතරව අද ජනතාවගේ මිලදී ගැනීම් හැකියාවක් අඩුවෙද්දීද ඩොලරයේ අගය අඩු වන බවත් එය ආර්ථික වර්ධනයක් නොව සැබැවින්ම ආර්ථිකය බිඳවැටීමේ ප්‍රකාශනයක් බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
0 Comments