මඩකලපු මීනගයා දුම්රිය වැසිකිළියක දමා ගිය දරුවා ගාලු මුවදොර අරගලයේ කූඩාරම් ඇතුලේ සිදු වූ දෙයක ප්‍රතිඵලයක් බවත් කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී මහින්ද කහදගම මහතා සඳහන් කරයි.
අරගලය පැවති කාලයේ එවන් සිදුවීම් ඕනෑතරම් සිදු වූ බවට සාක්ෂි ලැබී ඇති බවද හෙතෙම පැවසීය.
එම අරගල භූමිය තුළ විවිධ අපචාර කටයුතු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්ද සිදුව ඇතැයි ද හෙතෙම කියා සිටී.
දරුවකු බිහි කිරීම වරදක් නොවන නමුත් ඔවුන් වැසිකිළිවල අතරමං කර අවජාතක කර දැමීම අපරාධයක් බවත් එය අරගලයේ නමටද කැලලක් බවත් ඔහු පැවසීය.
ආදරේ කිරීමේ කිසිදු වරදක් නැති බවත් නමුත් නූපන් දරුවන් මහමඟට දමා යාම වරදක් බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.


0 Comments