යතුරුපැදියක්, වෑන් රථ දෙකක් සහ මෝටර් රථයක් ගැටීමෙන් හොරණ කුලුපන පාසල අසල ඊයේ(12) රාත්‍රියේ අනතුරක් සිදුව ඇත.
අදාළ අනතුරින් තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් ගත් තරුණයෙක් සහ තරුණියක් බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
හොරණ ප්‍රදේශයේ සිට ගමන් කරන වෑන් රථයක් කුළුපන පාසල අසලදී තවත් වෑන් රථයක් පසුකර යෑමට උත්සාහ කිරීමේදී පානදුර ප්‍රදේශයේ සිට ගමන් කරමින් තිබූ යතුරුපැදියක ගැටී, වෑන් රථයේ ද ගැටී අසල නවතා තිබූ මෝටර් රථයක ද ගැටී තිබේ.
අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියැදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර හොරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි .

0 Comments