ඉන්දියානු රුපියල ශ්‍රී ලංකාවේ භාවිතයට ගැනීම පිළිබඳව සලකා බලන බව විදේශ කටයුතු ඇමැති එම්.යූ.එම්. අලි සබ්රි පැවසීය.
ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ හින්දුස්ථාන් ටයිම්ස් පුවත් පත සමග සාකච්ඡාවකට ඊයේ (05 වැනිදා) එක්වෙමින්ය.
මේ අවස්ථාවේදී අවශ්‍ය වී ඇත්තේ ඉන්දියානු මුදල් ඒකකය ශ්‍රී ලංකාවේ භාවිත කළ හැකි මුදල් ඒකකයක් බවට පත් කිරීම බවද එහිදී ඇමැතිවරයා සඳහන් කළේය.
එමගින් ඉන්දියානුවන්ට ඔවුන්ගේ මුදල් ශ්‍රී ලංකාවේ ඍජුවම භාවිතා කළ හැකි අතර ශ්‍රී ලාංකිකයින්ට වෙනත් මුදල් ඒකකයක් මත යැපීමෙන් තොරව කටයුතු කළ හැකි බවද ඇමැතිවරයා සඳහන් කරයි.
එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දෙන ණය මුදල මෙම මස ලැබීමට නියමිත බවත් ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට බාධාවක් වන කිසිදු ආකාරයක කටයුත්තක් ශ්‍රී ලංකාව තුළ සිදු කිරීමට ඉඩ ලබා නොදෙන බවත් ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර ඇමැතිවරයා ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්. ජයශංකර්ද හමු වූ අතර එහිදී ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ ඉන්දීය රජය ලබා දුන් සහය අනෙකුත් රටවලට සාපේක්ෂව ඉතා ප්‍රබල බවද සඳහන් කරයි.


0 Comments