වෘත්තීය සමිති සේවකයින්ගේ විරෝධතාවයට පාසල් දරුවන් සහ රෝගීන් පලිහක් කර නොගන්නා ලෙස පවසමින් පුද්ගලයකු අද(15) අනුරාධපුර නගරයේ දී විරෝධතාවක නිරත වුණි.
අද දින දීප ව්‍යාප්තව වෘත්තීය සමිති විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයන්ට විරෝධය පළ කරමින් අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත් ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු පක්ෂ මන්ත්‍රී සුනිල් සිරිසේන විසින් අනුරාධපුර නගරයේ ප්‍රචාරණ වැඩපිළිවෙළක් සිදු කරනු ලැබීය.
මෙහිදී ' මේ රට මගෙ රට මා ඉපදුන රට ' ගීතය ප්‍රචාරය කරමින් අනුරාධපුර නව බස්නැවතුම්පොළ පරිශ්‍රයේදී ඔහු අද පැවැති විරෝධතාවයට විරෝධය දැක්විය.

0 Comments