ලූෂන් ලෝකෙන්ම හතර...

 

2023 ඇමරිකා එක්සත් ජනපදයේ පැවති ආර්නෝල්ඩ් ක්ලැසික් ආධුනික කායවර්ධන ශූරතාවලියේදී නැවතත් ලොව සිව්වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ලූෂන් පුෂ්පරාජ් සමත් විය. 


ඇමරිකා එක්සත් ජනපදයේ ඔහායෝ ප්‍රාන්තයේ කොලොම්බස් නුවර පැවති මෙම තරගාවලිය සඳහා ලුෂන්, "සුපර් හෙවිවේට්" කාණ්ඩයෙන් තරග වැදුණි. 


පසුගිය වසරේ එනම් 2022,වසරේදී පැවැති මෙම ලෝක තරගාවලියේද 4 වැනි ස්ථානය ලූෂන්ට හිමිවිය.


 "ආර්නෝල්ඩ් ස්පෝර්ස්ට්ස් ෆෙස්ටිවල්" යනු ලොව විශාලතම බහු-ක්‍රීඩා කායවර්ධන ඉසව්වලින් එකක් වන අතර, ඒ සඳහා රටවල් 80කට වැඩි ගණනක් නියෝජනය කරමින් 10,000කට අධික ප්‍රේක්ෂකයින් පිරිසක් කොලොම්බස් නුවර මෙම තරගාවලිය සඳහා සහභාගී වේ. 


 මෙම කායවර්ධන තරගාවලියේ 35 වැනි අදියර මෙවර ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.

Post a Comment

0 Comments